Menu

අනියම් පෙමින් මත් වුණු මව 16 හැවිරිදි දියණිය පොලිස් සැරයන්ට බිලි දෙයි

0 10.6 K

අරක්කු බීමට දී මත්වූ පසුව අවුරුදු 16ක දැරියක් දූෂණය කළා කියන පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය සඳහන් කළා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රාජකාරි කළ මීගමුව, දාගොන්න ප්‍රෙද්ශයේ පදිංචි විවාහක පොලිස් සැරයන්වරයෙක්.

දැරිය දූෂණය කිරීමට අනුබල දුන්නා කියන එම දැරියගේ 31 හැවිරිදි මවද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දැරියගේ මව සාජන්වරයා සමඟ කලක සිට අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. මෙම සැකකරු දැරියට අරක්කු බීමට දී ඇය මත් වූ පසු ඇයව දූෂණය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරියගේ මව මේ නොමනා ක්‍රියාවට දිගින් දිගට ම අනුබල දී ඇති බව සඳහන්.

දැරිය මේ සිද්‍ධිය සම්බන්ධයෙන් ඥාති කාන්තාවකට දැනුම් දීමෙන් පසු ව එම ඥාතී කාන්තාව දැරිය ද කැටුව ඇවිත් පොලිසියට පැමිණිලි කර තිබුණා.

සිද්ධියට අදාළ දැරියගේ ප්‍රකාශයක් ලබාගෙන එහිදී හෙළි වූ තොරතුරු මත පොලිස් සැරයන් සහ දැරියගේ මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවයි, පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *