ඔබ කාන්තාවක් නම් ඔබට ආර්තවය සිදු වෙනවා යන්න පුදුමයට කරුණක් නොවේ.දරුවකු පිළිසිද ගැනිම සදහා අපේ ගර්භාෂය සූදානම් වීමේ ප්‍රතිඵලක් ලෙස මාසයකට වරක් කාන්තාවකට ඔසප් වීම සිදු වනු ඇත.එසේ නම් අපි බලමු ඔසප් සමය තුළ ඔබ කළ යුතු නොකල යුතු දේවල් මොනවාද කියලා.
ඔසප් සමය තුලදී තමාට අධික ලෙස තමාට රුධිරය වහනය වන්නේ නම් පැය 4 කට වරක් වත් තම සනීපාරක්ෂක තුවාය මාරු කිරීමටත් වග බලා ගත යුතුය.සමහර කාන්තාවන් සනීපාරක්ෂක තුවා වෙනුවට රෙදි භාවිතා කිරීමට හුරු වී සිටිනවා.මෙහිදී කපු රෙදි භාවිතා කිරීම වඩාත් සුදුසු වන අතර ඒවා උණු වතුරෙන් සෝදා තද අව්වේ වේලා ගැනීම කල යුතු අතරම මැද නැවත භාවිතා කිරීමටත් වඩාත් සෞඛ්‍ය සම්පන්න වේ.
ඒ වගේම ඔසප් වීම පවතින කාලය අතරතුර වතුර ස්නානය තුළ වඩාත් සුදුසු වේ. වතුර ස්නානය කිරීමෙන් වේදනාව සමනය කර ,මාංශ පේශී ලිහිල් කර නිරෝගීමත්ව කාලය ගත කිරීමට උපකාරී වේ.ඒ වගේම මෙම කාල සීමාව තුළ පිරිසිදුව සිට සෞඛ්‍ය සම්පන්නව සිටීමටත් එය උපකාරී වේ.උණු ජලය ස්නානයෙන් මාංශ පේශී ලිහිල් වී රුධිර වහනයට උදව් සලසයි.
ඔසප් සමයේදී ඔබේ ආහාර රටාව පිළිබදව සැලකිලිමත් වීමද අතිශයින්ම වැදගත් වෙනවා. තෙල්,ලුණු සහිත ආහාර, ක්ෂණික ආහාර, කැෆේන් සහිත ආහාර,බැදපු කොත්තමල්ලි තැම්බූ වතුර ,තැම්බුම් හොදි,බැද ගත් සූදුරු තැම්බූ ජලය,හතාවාරිය කැද වැනි පාන වර්ග ලබා ගැනීමෙන් මේ කාලයේදී ඔබ වැළකිය යුතු වෙනවා. දුම්පානය හා මත් පැන් පානය ඔසප් වේදනාව වැඩි කරනවා.
කෙසෙල්,ගස්ලබු,අලිපේර, කජු,නිවිති,රතු පාට මස් වර්ග, පරිප්පු, මාලු, යෝගට්, බිත්තර ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වනවා. ඉගුරු, කොත්තමල්ලි,කුරුදු මිශ්‍ර ආහාර තම ශරීරයට එකතු කර ගැනීමෙන්ද, නිතරම පිරිසිදු ජලය පානය කිරීම ද ඔබට වේදනාවෙන් තොර ඔසප් සමයක් උදාකර දෙනවා.
ඔබේ පහළ උදරය වටා සෙමින්, රවුමට සම්බාහනය කිරීම වේදනාව අඩු කිරීමට උපකාරී වෙනවා.ඒ වගේම තාප පෑඩ් හෝ උණු වතුර බෝතලයක් ඔබේ බඩට තැබීමෙන් වේදනාව අඩු කරගැනීමට උපකාරී වෙනවා.මේ මගින් ඔබේ මාංශ පේශී ලිහිල් වී රුධිර වහනය පහසු කරමින් වේදනාව අඩු කිරීමක් වෙනවා.
ඒ වගේම තමයි වේදනාකාරී ඔසප් වීමක් තුළ ව්‍යායාම කිරීම ඔබට සිතිය නොහැකි වුනත් ඔබ ක්‍රියාශීලීව සිටින්නේ නම් වේදනාව අඩු කර ගන්න පුළුවන්. සැහැල්ලුවෙන් පිහිනීම, ඇවිදීම හෝ බයිසිකල් පැදීම උත්සාහ කිරීම තුලින් ඔබේ ඔසප් සමයට ඔබට සාර්ථකව මුහුණ දීමට පුළුවන්. යෝග වැනි විවේකී ක්‍රියාකාරකම් වේදනාව හා අසහනය පිළිබඳ හැඟීම් වලින් මොහොතකට ඔබව ඈත් කර තබනවා.
ඒ වගේම තමයි ඔසප් සමයේ ලිංගික තෘප්තිය ලැබීම මගින් ද වේදනාව අඩු කර ගැනීමක් සිදු කර ගන්න පුළුවන්.බොහෝ කාන්තාවන්ට ලිංගික ආසාවන් මෙම ඔසප් සමය තුළ ඇති වීමට හැකි අතර තමගේ සහකාරයාගේ කැමැත්ත පරිදි එය ඉෂ්ට කර ගැනීමට හැකි වන්නේ නම් ඔසප් සමය සතුටින් ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.