ඔබ දන්නවා ඕනෑම පුද්ගලයෙකුට වකුගඩු දෙකක් තියෙනවා.වකුගඩු වලින් කරන්නේ අපේ රුධිරයේ තියෙන විෂ ද්‍රව්‍ය මුත්‍රා හරහා පිට කිරීමට උපකාරී වෙන එක.මේ නිසා රුධිරයේ විෂ ද්‍රව්‍ය එකතු වීමකට ඉඩක් ලැබෙන්නේ නැහැ.
වකුගඩු නරක් වීමේ තියෙන බයානකම ලක්ෂණය වන්නේ කිසිදු රෝග ලක්ෂණයක් මුල් අවස්ථාවේදී නොපෙන් වීමයි.ගොඩක් වෙලාවට අවසාන අවස්ථාවේදී තමයි රෝග ලක්ෂණ පෙන්වන්නේ.මේ නිසා සාමාන්‍ය තත්වයන් යටතේ එන සියුම් වෙනස්කම් පිලිබදව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.
සම මත සියුම් කැසීමක් ඇති වීම වකුගඩු නරක් වීමේ එක් රෝග ලක්ෂණයක් වෙනවා.මෙය ඉතා සාමාන්‍ය කරුණක් වුවද හේතුවක් නොමැතිව එය සිදු වන්නේ නම් එම තත්ත්වය පිලිබදව සැලකිලිමත් විය යුතු වෙනවා.
කෙනෙකුට රාත්‍රිය පුරා නින්ද නොයන්නේ නම් එයද මෙහි රෝග ලක්ෂණයක් වෙනවා.
එමෙන්ම නිතර නිතර මුත්‍රා කිරීමට සිදු වීමත් ඔබගේ වකුගඩු නරක් වීගෙන ඒමේ රෝගී ලක්ෂණයක් වෙනවා.මෙය බොහෝ දෙනෙකු දියවැඩියා රෝගය ලෙස සිතුවත් එය එසේ නොවන්නට පුළුවන්.මේ නිසා මෙම රෝග ලක්ෂණය පිලිබදවද අවධානය යොමු කිරීම නුවණට හුරුය.
අනෙක් කාරණය තමයි ඔබ බොහෝ විට මුත්‍රා කල විට මුත්‍රා වල පෙණ නැගීමට පටන් ගැනීමත් මෙහි රෝගී ලක්ෂණයක්.පෙණ විනාශ නොවී බොහෝ වේලවක් පවතීනම් එය පිලිබදව ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා.
එමෙන්ම වලලුකර,දණ හිස ඉදිමීමකට ලක් වන්නේ නම් එයද ඔබේ වකුගඩු නරක් වීමේ රෝග ලක්ෂණයක් වෙනවා.මෙහිදී විටක වේදනාවක් නොදැනෙන්නට වුවත් පුළුවන්.
එසේම නිතර පවතින වමනය,ඔක්කාරය වගේ සිදු වන්නේ නම් එයද ඔබේ වකුගඩු ක්‍රමයෙන් අසමත් වන බව හැගවෙන රෝග ලක්ෂණයක්.
එමෙන්ම ඇමෝනියා ගන්ධයකට හුරුව කට තුලින් දුර්ගන්ධයක් පිට වන්නේ නම් එයද ඔබේ වකුගඩු රෝගී වී ගෙන එන බවට පෙන්වන රතු එලියක් වෙනවා.එසේම මුඛයෙන් යකඩ රසකට හුරු රසක් දැනීමද ඔබේ වකුගඩු ලෙඩ වීමේ රෝගී ලක්ෂණයක් වෙනවා.
එසේම ඔබේ මාංශ පේශී ඉබේම ගැස්මකට ලක් වීමද මෙහි රෝගී ලක්ෂණයක් වෙනවා.මෙය එක්තරා රිද්මයකට සිදු වන්නේ නම් එය පිලිබදව සැලකිලිමත් විය යුතු වෙනවා.
මෙම රෝග ලක්ෂණ ඔබට එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදු වුවත්,නිවරදිව රෝග ලක්ෂණ පිලිබදව අවධානය යොමු කරමින් කල්තියා රෝගය හදුනා ගැනීමෙන් ඔබටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත.