නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සදහා ඔබේ ශරීරයේ බර නිසි පරිදි තියෙන්න් ඕනි.කොලෙස්ටරෝල්,දියවැඩියාව,අධි රුධිර පීඩනය වැනි රෝග වලිනි ආරක්ෂා වීම සදහාත් ශරීරයේ බර නිසි පරිදි පවත්වාගෙන යාම සිදු කල යුතුය. ඒ වගේම ඔබේ පෙනුම ආරකශා කර ගැනීම සදහාත් ශරීරයේ බර නිසි පරිදි පවත්වාගෙන යාම වැදගත් වෙනවා.
සති 2 කින් 4 kg කින් බර අඩු කර ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ සීනි කෑම නතර කල යුතු වෙනවා .සීනි සාමාන්‍යයෙන් ඔබ ගන්න ආහාර වල අඩංගු වෙනවා.හැබැයි කැට වශයෙන් තියෙන සීනි,රස කැවිලි වල,බිස්කට් වර්ග වල සීනි ඔබ ඔබේ ශරීරයට එකතු කර නොගත යුතුයි.
ඒ වගේම ශෝට්- ඊට්ස්, බිස්කට් වර්ග වලින් ඔබ ඈත් විය යුතු වෙනවා.අමතර ආහර වශයෙන් ඔබට එලවලු, පලතුරු ලබා ගන්න පුලුවන්.හැබැයි ඔබ ක්ෂණික ඈහාර වලින් සමිපූර්ණයෙන්ම ඈත් විය යුතුයි.
ඒ විතරක් නෙවෙයි සති 2 කින් 4kg අඩු කර ගන්න ඕනි නම් ඔබ මස් වර්ග කන එක අඩු කර යුතු වෙනවා.
ඒ වගේම සම්පූර්ණ යොදය සහිත අහාර වලින් මෙන්ම කිරි සහිත ආහාර භාවිතාවද ඔබ අඩු කල යුතු වෙනවා.මේවා භාවිතා කලහොත් ඔබේ බර වැඩි වීමට හේතු සලසනවා.
ඒ වගේම තමයි රූපවාහිනිය ,දුරකථන බලමින් ආහාර ගන්න එකත් ඔබ නතර කල යුතු වෙනවා.එසේ කලහොත් ඔබ නොදැනුවත්වම ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔබ අහාර ඔබේ ශරීරයට එකතු කර ගන්නවා.
තවද සති 2 කින් 4 kg කින් බර අඩු කර ගැනීමට නම් පිටතින් ආහාර ගැනීමද ඔබ නතර කල යුතුයි.නිතරම ඔබ ඔබේ නිවසේදීම තමන්ට අවශ්‍ය ආහාර සාදා ගැනීමට උත්සාහවන්ත විය යුතුය.
දැන් අපි බලමු සති 2 කින් බර අඩු කර ගන්න නම් ඔබ වර්ධනය කර ගත යුතු පුරුදු මොනවද කියලා.
මේ සදහා ඔබ පෝෂ්‍යදායි උදේ ආහාර වේලක් ලබා ගත යුතුය.උදේට රජෙක් වගේ කන්න ඕනි කියනවනේ.එය එසේ කල යුතුමය.ඔබේ බර අඩු කර ගන්න නම් උදේ ආහාර වේල මග ඇර ගන්න එපා.
ඒ වගේම ඔබේ අහාර වලට එලවලු,පලතුරු වැඩිපුර එකතු කර ගැනීමෙන්ද ඔබට පෝෂ්‍යදායි ආහාර වේලක් සමග බර අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා.එහිදී වැදගත් වෙන්නේ විවිධ වර්ණ වලින් යුක්ත එලවලු,පලතුරු එකතු කර ගැනීමයි.
සම්පූර්ණ ධාන්‍ය වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන්ද ඔබේ බර සති 2 කින් 4 kg කින් අඩු කර ගැනීමට පුළුවන්.
ඒ වගේම තමයි ශරීරයට හිතකර තෙල් වර්ගයක් ආහාරට ගැනීම තුලින්ද ඔබේ බර අඩු කර ගන්න පුළුවන්.මෙහිදී ඔබට ශරීරයට හිතකර මේදය ලබා ගන්න පුළුවන්.ඔලිව් ඔයිල්,අලිගැට පේර,බිත්තර කහ මදය,විවිධ ඇට වර්ග,කජු,ආමන්ඩ් ආදිය ඒ අතර ප්‍රධාන වෙනවා.