Menu

උපයන ධනය ඉතිරි කර ගන්න බැරිද? වහාම මුළුතැන්ගෙයින් මේ දේවල් ඉවත් කර පෝසතෙක් වෙන්න

5

වාස්තු විදයාවේදී විශේෂයෙන් සැලකිල්ලට ගන්න ස්ථානයක් තමයි මුළුතැන්ගෙයි කියන්නේ.මොකද ඒ හරහා තමයි මුලු නිවසටම ශක්තිය සපයන්නේ.මෙහි ඇති වාස්තු දෝශ නිවසේ සියලු සාමාජිකයන්ට බලපෑම් ඇති කරනවා.ඔබ උපයන ධනය ඉතිරි කර ගන්න බැරි නම් ඔබේ මුළුතැන්ගෙයි පිලිබදව ඔබ සැලකිලිමත් වෙන්න ඕන.

වැරදිලාවත් ඔබ ඔබේ මුළුතැන්ගෙයි බෙහෙත් වර්ග තියන්න එපා.ගොඩක් අය තමන්ට අමතක වන නිසා මුළුතැන්ගෙයි බෙහෙත් වර්ග තියා ගන්නවා.මේ හේතුව නිසා නිවසේ සමාජිකයන් නිතරම වගේ ලෙඩ වෙන්න පුළුවන්.ඒ වගේම අසුභවාදී ශක්තීන් ගලා එන්නත් මෙය හේතුවක් වෙනවා.

ඒ වගේම ගෑස් උදුන හා සින්ක් එක එකම දිශාවකට තියන්න හොද නැහැ.එහෙම තිබ්බොත් ඔබට සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.ගෑස් උදුන තියන්න වඩාත්ම සුදුසුයි කියල කියන්නෙ ගිණිකොණ දිශාවේ.මොකද එම දිශාවේ රාහු සිටින නිසාත්,ආහාර වල රසවත් භාවයත් වැඩි වන නිසා.ඒ වගේම සින්ක් එකට සුදුසුම දිශාව වයඹ දිශාව කියලා තමයි වාස්තු විදයාවේ සදහන් වෙන්නේ.

ඒ විතරක් නෙවෙයි ඔබේ මුළුතැන්ගෙයි කැඩී බිදී ගියා භාජන ඇත්නම් ඒවාද වහාම ඉවත් කරන්න.මේ මගින්ද නිවසට අශුභ ශක්තීන් ගලා ඇවිත් ධන හානි වගේම පවුලේ සාමජිකයින් අසාර්ථක තත්ත්වයට පත් කරන්වා.කැඩී බිදී ගිය උපකරණ මගින් රාහු පිලිබිබු වන අතර එය දුප්පත්කමේ ලක්ෂණයක් වෙනවා.කැඩී,පිපිරී ගිය භාජන වල ආහාර ගැනීමද ඔබව දුප්පත් කරවනවා.

ඒ වගේම ඔබ නිවසින් බැහැර කරන කසල බදුන් මුළුතැන්ගෙයිම තියා ගන්නවාද?එසේ නම් එය අදම නවත්තන්න.මේ මගින් ඔබේ පවුලේ දියුණුවට බාධා ඇති කරවනවා.

වාස්තු විදයාවට අනුව දෙවි රූප හෝ කැලැන්ඩර් මුළුතැන්ගෙයි එල්ලන්න හොද නැහැ.එයට හේතුව අගහරු ග්‍රහයාගේ බලපෑම මුළුතැන්ගෙට එක එල්ලේම යොමු වීමයි.මේ මගින්ද නිවසට අවාසනාව ගෙන එයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *