Menu

ආතරයිටිස් රෝගයෙන් බේරී ඉන්න නම් මේ ආහාර වර්ග කෑමට ගන්න

3

වර්තමානයේදී අප සමාජයේ වෙසෙන බොහෝ දෙනෙක් ආතරයිටිස් රෝගය නිස පීඩා විඳිනවා.

ආතරයිටිස් කියන්නේ අපේ සන්ධි එකිනෙකට සවි වෙලා තියෙන කාටිලේජය ගෙවෙන එකට.ආතරයිටිස් වල ප්‍රධානතම රෝග ලක්ෂණය වන්නේ සන්ධි වේදනාව හා සන්ධි වල තද ගතියයි.මෙම රෝගය බහුල වශයෙන් කාන්තාවන් අතර තියෙනවා.අපි බලමු ආතරයිටිස් රෝගයෙන් බේරී ඉන්න නම් මේ අපි කෑමට ගත යුතු ආහාර වර්ග මොනවද කියලා.


බ්‍රොකලි
නුවරඑළිය පලාතේ බහුල වශයෙන් වැවෙන බ්‍රොකලි වල අඩංගු විටමින් D මගින් අපේ ශරීරයේ කාටිලේජ වර්ධනය උත්තේජනය කරන්වා.විටමින් D කියලා කියන්නේ අපි ගන්නා ආහාර වල තියෙන කැල්සියම් අවශෝෂණය කර ගන්න පුළුවන් ඉතාම වැදගත් දෙයක්.බ්‍රොකලි හුමාලයේ තම්බා ගැනීමෙන් රසවත් ආහාරයක් ලෙස භුක්ති විදිය හැකිය.

ලින්නා මසුන්
අපි කලිනුත් කිව්වා විටමින් D වලට අපේ කාටිලේජ වර්ධනය කරන්න පුළුවන් කියලා.ලින්නා මසුන් කියන්නේ විටමින් D බහුල ආහාර වර්ගක්.සතියකට දෙවතාවක් පමණ ලින්නා මසුන් ඔබගේ ආහාර වේලට එකතු කර ගන්න පුළුවන් නම් වඩාත් පහසුවෙන් ඔබට ආතරයිටිස් රෝගයෙන් මිදෙන්න පුළුවන්.කාටිලේජ වර්ධනයට අවශ්‍ය ඔමේගා 3 පෝෂකයද ලින්නා මසුන් තුල අඩංගු නිසා මෙහි අමතර වාසියකුත් තියෙනවා.

සුදු ළූණු
මෙය ආහාරයට ගැනීමෙන් අස්ථි රෝග සෑදීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු වෙනවා.සුදු ළූණු වල අඩංගු ඇසිලීන් කියන සංයෝගය කාටිලේජ ගෙවී යාම අවම කිරීමට දායක වේ.

ඉගුරු
ඉගුරු වල අඩංගු ජින්රෝල් සංයෝගය කාටිලේජ වර්ධනය උත්තේජනය කිරීමටත් ඉදිමුම් ඇති කිරීමත් පාලනය කරනවා.සති 6ක කාලයක් එක දිගට ඉගුරු ආහරයට ගැනීමෙන් ආතරයිටිස් රෝගයේ පැහැදිලි අඩුවක් දැක බලා ගැනීමට හැකි බව පර්යේෂණයකින් හෙලි වී තියෙනවා.

මේදය අඩු කිරි ආහාර
අපේ අස්ථි වලට අවශ්‍ය කැල්සියම් බහුලවම ලබා ගන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි කිරි ආහාර කියන්නේ.අපේ අස්ථි හැදෙන ප්‍රධානතම සංගටකයක් වන කැල්සියම් අපේ සන්ධි වල ඇති කාටිලේජ නිර්මාණයටත් අවශ්‍ය වෙනවා.මෙන්න මේ නිසා කාටිලේජ ගෙවී යාම අවම කර ගන්න නම් නිතරම කිරි ආහාර අපි අපේ ශරීරයට එකතු කර ගන්න ඕනි.

ග්‍රීන් ටී
සිරුරේ කාටිලේජ හානි වීම වලකාලීමට ග්‍රීන් ටී වලට පුළුවන්.ඒ වගේම ග්‍රීන් ටී වල අඩංගු ප්‍රති ඔක්සිකාරක මගින් ශරීරයේ නිතර ඉදිමුම් ඇති කිරීම පාලනය කරනවා.

නිවිති
යකඩ අඩංගු බවට ප්‍රසිද්ධ නිවිති කාටිලේජ සයිල උත්තේජනය කිරීමට සමත් වෙනවා.ඒ වගේම සන්ධි වල ඉදිමුම් නිසා අස්ථි හානිය වලක්වා ගැනීමටත් නිවිති වැදගත් වෙනවා.

ඔලිව් තෙල්
සන්ධි එක මත එක ලිස්සා යාම වලක්වා ගැනීමට හා කාටිලේජ දුර්වල නොවී රැක ගන්නත් ඔලිව් ඔයිල් උපකාරී වෙනවා.

ඒ වගේම මෙහිදී මිදි සහ ඇපල් අනුභව කිරීමෙන්ද ආතරයිටිස් රෝගයෙන් බේරී සිටීමට ඔබට හැකියාව ලැබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *